twitter rss

ඉරණමකට පහලින්...

:::ලිපි වර්ගය:::

නුඹත් දිනක මව් තුරුලක
උණුහුම ලැබ ඉන්න ඇති
මව් ඇකයේ සොඳුරු සුවය
ඉහලින් පිළිගන්න ඇති

නොබෝ දිනක ලොවට එළිය
දෙන පහනක් වෙන්න සිතී
අඳුරු අහස මත ජනිතව 
පොලව මතට එන්න ඇති

නොදුටු ලොවක සිහින පැතුම්
හිත පුරවන් ඉන්න ඇති
අඳුරු මතක මැද ලොව මත
මිලින වෙලා යන්න ඇති

නුඹේ සුසුම් අපේ සුසම්
එක තැන හමුවෙන්න ඇති
දුකක් නැමති සිතුවිල්ලක්
හිතෙන් පලා යන්න ඇති


ඉතාලියේ සිට දිනේෂ් උමගිලිය සොයුරා විසින් එවනු ලැබූ ඡායරූපයකට “කවි සිතුවම්“ වෙනුවෙන් කරන ලද නිර්මාණයකි..ඔබ සතු සොඳුරු සේයා රූ “කවි සිතුවම්“ වෙත එවන්න wijaindu@gmail.com




අලුත් හීනය දකින්න..

:::ලිපි වර්ගය:::

හීන මවන නෙත් දෙක ලඟ
හීනයක්ම වෙලා ඉන්න
පාට පිරුණු ජීවිතයට
අලුත් හැඩය මවා දෙන්න

ආදරයක අලුත් හීන
ජීවිතයට යලි වඩින්න
එකම එක වරක් ආයෙත්
හිනාවෙලා ඇවිත් ඉන්න


කටාර් හි ජනිත් දේශාන් විසින් එවන ලද ඡායාරූපයකට “කවි සිතුවම් “ ලෙසින් රචිත කවියකි. ඔබ සතුව ඇති සොඳුරු සිතුවම් “කවි සිතුවම්“ වෙත එවන්න wijaindu@gmail.com..එසට සොඳුරු පද ඔබ වෙනුවෙන්



නුඹ හමුවීම යලිත්

:::ලිපි වර්ගය:::

යලිත් නුඹ හමුවුණා
කලකට පසුව
වෙනස් නොවන හැමදේම
පුරුදු ලෙසම රැඳුනා
නුඹ සමගම
හරියටම ආදරය වගේ

අතීතයේ මතක නැවතත් හිතට
හෙමින් හෙමින් විත්
ජීවිතයේ නුඹ තැබූ තිත
යලි යලිත් සිහි වී
මතක සුවඳ රැඳුනු සිහින
අවදි කලේ යලිත් වරක්

දුරක යන්න බලන් ඉන්න
නුඹ හිත තද කරන් විට
බලන් උන්නා  දෑස් දෙසම
නුඹ දිහාම බැලෙන ඉබේ

මතක තබා මා අසලම
නුඹ යන්න ගිය යලිත් වරක්
අපි ආයෙත් මුණ නොගැහුනි නම්
තවමත් හිත හදන් ඉන්න
තිබුණා 
පෙර පරිද්දෙන්ම







සංග්‍රාමය..අවසන් නැත

:::ලිපි වර්ගය:::

කඩුවක් අරන් වේළුසුමන
හඹා එයි පසු පසින්
දිවගියත් හැකි වෙරින්
නෑ පසුබැස්සේ ඌ...

දාම බාහු කිටි කිටියේ තදවී
කඩුව ගෙන දෑතින්ම
නිර්භය දෙනෙත්
එක එල්ලේ දිගුකරමින

දහඩිය මුගුරු දා
සිංහ නාදකර මහ හඬින්
තවමත් පසුපස එලවයි
නසාලන්නට
අධිරාජ්‍යවාදය

කරුමක්කාරියට..අවසන් වචන ටික

:::ලිපි වර්ගය:::

පුරාතනයේ සිට පැවතෙන
ස්ථරය මත
විරාජිතව
වැඩ සිටින
නුඹේ ආලය
එපා මට
මම
තවමත් මහපොළව
මත





මුතු කුඩයක් අරන්..

:::ලිපි වර්ගය:::

තරු එළියට හැන්දෑවට
මුතු කුඩයක් යටට ඇවිත්
ජීවිතේම අතට අරන්
ඇවිද යමුද දුරක ඉතින්

පොද වැස්සට හීන වැටෙන
එක අහුරට අරන් එකට
නෙත් අභිමුව දිලිසෙන්නට
තියන් ඉන්න දෑත් මතම

නිශායාම සිහින් පින්න
වැටෙන අතර කුඩේ යටින්
අවිදන් එමු ජීවිතයට
ඇවිත් ඉඳිමු එදා ලෙසම


චෙරි වත්ත..

:::ලිපි වර්ගය:::

දුර සිටන් වුවත්
එවා සුපෙම් පත්
දිරිගන්වමින්
මවන්නට සොඳ
අගේ ඇති පොත පත

ඔල්ගා නුඹ වන්
සුපෙම් මැසිවිල්ලක්
චෙකොප් නම්වූ
පන්හිඳ හැරවූ අන්
යමක් වෙත්ද
උවමන් කරනට

ඔල්ගා නුඹ වන්
සුපෙම් ළඳක්
සිටියා නම් මටත්
මවනු ඇත
මගේ පන්හිඳත්
“චෙරි වත්ත“ ටත්
වඩා යමක්..


අන්තිම කැමැත්ත..

:::ලිපි වර්ගය:::

වලලන්න මා
කිසිවෙකු ඇස නොගැටෙනු පිණිස..
දිවිකතර මත විඳි
අනියත හැමදෙයින් වෙන්වනු පිණිස..

පසුපසින් මෙන්ම ඉදිරියෙන්
ගමන් මග අවහිර කර
දුන් දෙය මෙන්ම ගත් දෙයද
අමතක කර දමා හිඳ

හෙට පැමිණ සුසානය මත
මල් වඩම් හා රෝස පොකුරු
තබා සිත විවර කරන
ඉටිපහන් හා සුවඳ හර
දල්වමින් හඬ හඬා වැලපෙන

ඇසුරුකල වුන් ඇස නොගැටෙන්න
වලලන්න මා
කිසිවෙකු ඇස නොගැටෙනු පිණිස
සමාදානයෙන් සැතපෙනු පිණිස

අභිනික්මනට පෙර..

:::ලිපි වර්ගය:::

දුටුවෙමි
සතර පෙරනිමිති

හුදෙකලාව හඬන
යුවතියක්..

බහු ස්ත්‍රී සේවනයේ
පුරුෂ ප්‍රාණයක්..

පහරකන පාවහන් යුගලෙන්
වංචාකාර සැමියෙක්..

රුව වරුණ මුදලට මනින
රූබර විලාසිනියක්...

ඉන් ඉක්බිති
කළකිරුණි කුලගෙය


සමුගැනීමට පසුව...

:::ලිපි වර්ගය:::
බලන් යකිමතෝ
ඒ හසරැල්ල දෙස
වසා සඳකැන් පවා
නුඹ දිහාවට වැටෙන
මැන්ඩලීනය නිහඬ
එකම එක රාත්‍රියක
කියතෝව හඬවමින්
ඇය යන්න ගිය අයුරු
සඳකැන් දුටුවා
නුඹ නොදුටුවත්
කඳුළු අතරින්....





ගලිවර්ලා අතර

:::ලිපි වර්ගය:::
සයිබරය තුල කලාවට
යමක් කරනු නියාවට
හිතට බර නැති අකුරු කෙරුමට
නොසිතේ දැන් අකාලේ 

සිතුවිල්ල තරමට ගතහැකි
හරවත් යමක් මිස හිතට
නොරිසිය යමක් වෙන
ගිනියම් වූ යකඩ වැනි හිත් වලට

එහෙත් බ්ලොග් ගලිවරයන් මැද
ලිලිපුට් කෙනෙක් වීමම
යමක් වෙයි සිතන්නට
දෙවරක්ම ලියන්නට

“නති නායකෝ විනස්සන්තී
බහු නායකෝ විනස්සන්තී“
අපි තාමත් එතනමයි
බලාගෙන කියුම් කෙරුම්
බිඳින හැටි පාළුගෙයි වලං





මතක පොත

:::ලිපි වර්ගය:::

වසා දමනු බැරි මතක පොතේ
අවසන් පිටුවේ රැඳෙමි
මකා දමනු බැරි සිතුවිලි මෙන්
හදවත පතුලේ හිඳමි
හඬා වැටෙනු බැරි ඇස් අතරේ
මතකයේ කඳුළැලි රඳමි
දමා නොයන මතකය ලෙසකින්
හිත තදින් වෙලා ගනිමි
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්