twitter rss

නුඹ හමුවීම යලිත්

:::ලිපි වර්ගය:::

යලිත් නුඹ හමුවුණා
කලකට පසුව
වෙනස් නොවන හැමදේම
පුරුදු ලෙසම රැඳුනා
නුඹ සමගම
හරියටම ආදරය වගේ

අතීතයේ මතක නැවතත් හිතට
හෙමින් හෙමින් විත්
ජීවිතයේ නුඹ තැබූ තිත
යලි යලිත් සිහි වී
මතක සුවඳ රැඳුනු සිහින
අවදි කලේ යලිත් වරක්

දුරක යන්න බලන් ඉන්න
නුඹ හිත තද කරන් විට
බලන් උන්නා  දෑස් දෙසම
නුඹ දිහාම බැලෙන ඉබේ

මතක තබා මා අසලම
නුඹ යන්න ගිය යලිත් වරක්
අපි ආයෙත් මුණ නොගැහුනි නම්
තවමත් හිත හදන් ඉන්න
තිබුණා 
පෙර පරිද්දෙන්ම







brought to you by
  1. සියලු දේ වෙන්නෙ හොදට කියනව නොවැ ජනා අයියා.. මේකත් එහෙම එකක් වෙන්ට ඇති..
    දෙන්නට එකතු වෙන්ට ලැබේවා කියලා ඔන්න මගෙන් අහිංසක

    ප්‍රාර්ථනාවක්

  1. පුද්ගලික සිදුවීමක් නෙවෙයි මලයා..දිනපොතේ ලියලා තිබුණ කවියක්..කොහොම වුනත් ස්තූතියි ප්‍රාර්ථනාවට

  1. අපූරු කවි පෙළක් සහෝදරයා.. :))

  1. මතක වෙද්දිත් දුකයි! :'(
    හිතට වදින පද මාලාවක්!

  1. @අයේෂා - ගොඩක් ස්තූතියි සහෝදරී

    @නුවන් - ඇත්ත සහෝදරයා..ඒ දුක අස්සේ තියනවා අමුතුම හැඟීම්බර සත්‍යයක්..

  1. සිනහා කඳුළු එනවා යනවා..

  1. නිහඩවම බොද උන සිතුවිල්ලක්
    ඉදහිට නැගෙමින් සිතේ ඇතුලතින්
    නුඹ ගැන සැග උන මතකයන්
    ගෙන එනවා වේදනාවක් ආයෙත්...

  1. ඔබ ආයෙමත් ඇවිදින්.....හ්ම්...

  1. @දිනේෂ්- අර සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට - රිදවුනු සිත ගෙන යයි කඳුලැලි ගං ඉවුරට වගේ එකක්...ස්තූතියි සහෝදරයා..

    @තරූ - ඔව් ආයෙත් නෑවිත් හිටියානම්..හදාගත්තු හිත තියේවි එහෙම්ම

  1. "දුරක යන්න බලන් ඉන්න
    නුඹ හිත තද කරන් විට
    බලන් උන්නා දෑස් දෙසම
    නුඹ දිහාම බැලෙන ඉබේ"
    දුක හිතෙන පද පේලීයක් අය්යේ.මට අර කොටස නම් තදින්ම දෑනුනා,

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්