twitter rss

හැමදේම... ඔබ දුන්නු...

:::ලිපි වර්ගය:::



විඳගන්න ඔබ දුන්නු
ඔබ ඉන්න සුසුම් පොද
තාමත් විඳිනවා මං
සුසුමවත් ලඟ නැතිව...


පුදදෙන්න ඔබ දුන්නු

පුදදුන්න මල් පොකුර
තාමත් පුදනවා මං
මල් පෙති පරවූවත්...


ගැනගන්න ඔබ දුන්නු

ඔබ ඉන්න දින ගණන
තාමත් ගනිනවා මං
ඔබ ගොස් අවසන්මුත්...

brought to you by
  1. කොච්චර කල් ඔය විදියට ඉන්නද .........

  1. දුන්නු හැමදේම ආපහු දෙනකං යාළුවා...මේ ජීවන අත්දැකීම්නම් නෙවෙයි

  1. දකින්න නුඹ ඉතිරි කල
    සිහිනය තවම දකිනවා මම
    නුඹ නික්මිලා ගියත්
    දෙනෙත් අද්දරින් හිමිහිට..

  1. දෙනෙත් අද්දරින් හෙමිහිට ගිය නුඹ
    යන්නට තනනවා හදවතේ මතකයෙන්
    මටත් හොරෙන්
    මගේ තනකිම
    තනියට තියා

  1. ඇයි දේව් ඒ දින ගනනට වඩා දින ගෙවුනත් ඒ දින වලම හිත නතර වෙන්නේ. ඒ හීන ඇයි දැකලා ඉවර නොවෙන්නේ. ඇයි අපිට පිස්සුවත් හැදෙන් නැත්තේ? ඇයි?

  1. ඒකට කියන්නේ හිතට වහල්වීම කියලා

  1. බැහැ මම ඒ උත්තරේට කැමති නෑ. එහෙම කිව්වා කියලා එහෙම වහල් වෙන එක නවත්තන්න බෑනේ

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්