twitter rss

හඬන නුඹට...

:::ලිපි වර්ගය:::


තාමත් හඬාවැටෙන නුඹට
ආදරේ බව කියා නොකියා
රිදෙව්වෙද හිත නොදනිමි
මම ළබැඳි සබැඳිය..........

සිනහවක් නැති නුඹේ මුවඟේ
සිනහවක පදනම් දමා මම
ජීවීතේ නුඹ රැගෙන යන්නට
මගේ හිත් මල් යහන් මත තබා

තවමත් හඬයි නුඹ විරහ දුක්ගෙන
කෙසේදෝ මා පවසන්නේ නුඹ හට
ආදරේ බව මගේ හදවත
නොරිද්දන්නට තවත් ‍හදකට

මා සිතින් තද කරන් අස්වසන්නට
නුඹව කඳුලු අතරින් සිතේ
නොහැක මට හදන්නට
බිඳුනු නුඹ සිත් මඩල


**********************
සබඳි නුඹ ළිහිණියකි
රැයේ අඳුරට හඬන
මමද ළිහිණියකු වෙමි
කැඩුණු තටු පිරිමදින

brought to you by
  1. ස්තූතියි...යාළුවා..මට මේ ගීති කියන නම හොඳට හුරුයි වගේ

  1. ගීත් බ්ලොග් අවකාශයේ යන යන තැන හමුවෙන කෙනෙක්...ඒ තරමට කියවනව. ඒ තරමටම පුංචි හරි කමෙන්ට් එකකුත් ලියලමයි යන්නේ...ගීත් අපි කාටත් දිරිය දෙන කෙනෙක්....

    ලිහිණියා ..හැම වෙලමෙ දුකින්මයි ඉන්නේ....

  1. ඒක ළිහිණියාගේ උරුමේ වෙන්න ඇති..නැත්නම් ඒක ළිහිණියගේ අනන්‍යතාව වෙන්න ඇති..බොහොම ස්තූතියි සහෝදරිය අදහස් දැක්වූවාට..ඒ වගේම මගේ කවි පැල්පතට ආදරයෙන් පිළිගන්නවා

  1. තවම හඩන නුඹේ සිත ලගට
    රහසින් ඇවිත් හිමිහිට
    ආදරේ බව අහසක් උසට
    මුමුණන්න හිතයි මට..

  1. මුමුණන්න හිත ඇතිමුත්
    බයයි මසිතට
    හඬාවියි නුඹ යලිත්
    උහුලන්න බැරි ලෙසට

    ස්තූතියි දිනේෂ සහෝදරයා

  1. ස්තූතියි කල්හාර

  1. එයාට කියා ගන්න වචන නැති වුනාට එයාගේ හිතේ හැඟීම් මේ වගේම ඇති.

  1. හිතේ හංඟාගෙන ඉන්න දුක කියාගන්න හිත ඉඩ නොදීමම හිතට වදයක් වෙන්න ඇති..ස්තූතියි කැමීලියා මල

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්