කිරිල්ලියේ උඔ ඔහොම
ආඩම්බරෙන්
හිටියට
තටු කැඩුණු දවසට
උඹේ ආඩම්බර
නූල කැඩුණු සරුංගලේ වගේ
ගහගෙන යයි...
බලන් ඉන්නේ එදාට
උඩ පැනලා හිනාවෙන්නවත්
දෙකට නැවිලා
තටු අමුණලා දෙන්නවත්
නෙවෙයි...
උඹට වෙච්ච දෙයින්
අනිත් එවුන්ටවත්
පාඩමක් කියලා දෙන්නයි....
දවසක උඹත් වයසට යනවා
මාත් එහේම යනවා
උඹ අනිත් එවුන්ගේ ඔලුවලට උඩින් යනවා
මම පුරුදු පාරේ
තනියම එනවා....
වෙනසකට තියෙන්නේ
උඹ මට ටිකක් කලියෙන් යනවා
මම ටිකක් ප්‍රමාද වෙනවා....
අනිත් අය අප්පමාදෝ අමතපදං කිව්වට
මමනං ඉක්මණ් බුදුන් බුදුවුණාවේ
කියලා ඉන්නවා....
උඹ හැමදාම
නොගැලපෙනවා කියපු
අපි යන පාරේ
උඹ උඩින් ආවත්
මම බිමින් ආවත්
අන්තිමට එන්නේ
එකම තැනටයි....
එදාට කිරිල්ලියේ උඹ හිනාවේවි...
මම බලන් ඉඳීවි
එතකොට උඹ තවත් හිනාවේවි...
ඒත උඹේ කඳුළු බේරෙන
ලේන්සුව
හංඟන්නනම් බැරිවේවි
brought to you by
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්
එල එල..තව ලියන්න..:D