twitter rss

කවි දෝත

:::ලිපි වර්ගය:::


           නිලඹර     නුදුරු සඳ දුටුනෙත                 සුපින්බර
       පැහැබර   ඇසුරු කලයුතු තෙම               සුපින්සර
       පැහැසර   නුඹෙරු දුටු මගෙනෙත             වරින් වර
       නෙකයුරු  සිහිරු සිහිවෙයි සිත                සරින් සර


       වනගැබ      පුරා සැරිසරලා                     විටින් විට
       නෙක්විද     වරාමල් සොයලා ‍                  පෙලින් පෙල
       නෙත්ගැබ   සරා නුඹෙරුවනා                    මලින් මල
       හදගැබ      පුරා පැතිරීලා                        ටිකින් ටික


       ඇතමට      යමක් සිහිකෙරුමට                හැමදාම
       සිතමට       කියයි පැවසීමට                     නුදුරේම
       එයමට        බරයි රැඳවීමට                     සිතෙහීම
       හිමිමට       තමයි හැමදාටම                    නුඹ තාම


       මුවපිරි        සිනා පුරවමි එය                    සිතින් සුව
       ඇයිබැරි     සදා රඳවමි එය                     නමින් නුඹ
       සුමිහිරි        හදින් පිළිගමි හිමි                 රැවන් රැව
       හදපිරි        තුටින් පවසමි එය                  මුවින් මුව 

brought to you by
  1. ලස්සනයි යාළුවා.. එළිසමය විරිත මේ හැමදෙයක්ම ආරක්ශා කරගෙන ලස්සනට ලිය උන කවි පෙලක්..

  1. ස්තූතියි දිනේෂ්..කවියෙක්ගේ නියම දක්ෂතාව දැකගන්න පුළුවන් සඳැසකදි තමයි..විරිත එලිවැට මුල අග අරුථ හැමදේම එකට ගත්තම තමයි ඒක දකින්න පුළුවන්..හරියට සාම්ප්‍රදායික නැට්ටුවෙක්ගේ හොඳම දස්කම් වෙස් නැටුමෙදි දකින්න පුළුවන් වගේ..මේ මගේ තරමට සඳැසක්

  1. වෙනස් තාලයකට ලියලා තියනවා ........
    ලස්සනයි ........

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්