නිලඹර නුදුරු සඳ දුටුනෙත සුපින්බර
පැහැබර ඇසුරු කලයුතු තෙම සුපින්සර
පැහැසර නුඹෙරු දුටු මගෙනෙත වරින් වර
නෙකයුරු සිහිරු සිහිවෙයි සිත සරින් සර
වනගැබ පුරා සැරිසරලා විටින් විට
නෙක්විද වරාමල් සොයලා පෙලින් පෙල
නෙත්ගැබ සරා නුඹෙරුවනා මලින් මල
හදගැබ පුරා පැතිරීලා ටිකින් ටික
ඇතමට යමක් සිහිකෙරුමට හැමදාම
සිතමට කියයි පැවසීමට නුදුරේම
එයමට බරයි රැඳවීමට සිතෙහීම
හිමිමට තමයි හැමදාටම නුඹ තාම
මුවපිරි සිනා පුරවමි එය සිතින් සුව
ඇයිබැරි සදා රඳවමි එය නමින් නුඹ
සුමිහිරි හදින් පිළිගමි හිමි රැවන් රැව
හදපිරි තුටින් පවසමි එය මුවින් මුව
brought to you by
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්
ලස්සනයි යාළුවා.. එළිසමය විරිත මේ හැමදෙයක්ම ආරක්ශා කරගෙන ලස්සනට ලිය උන කවි පෙලක්..