twitter rss

සිතුවිල්ලෙන් දඩබ්බරීට...

:::ලිපි වර්ගය:::


කවි පද තරමටම දඩබ්බරද නුඹ
කවි හිත තරමටම දඩබ්බරද නුඹ
හැමතැනම ලියා ඇති තරමටම හෝ
කියනා තරමටම දඩබ්බරද නුඹ


හිතිනුත් චංචල නම්
ගතිනුත් සංවර නම්
බහුතරය තියා පසෙකින්
කියනා තරම්ම දඩබ්බරය නුඹ


අලුයම ඉරට අතවනන
මැදියම සඳට කවිලියන
අඳුරට නෙතද හකුලවන
කවියකට හොඳයි නුඹ


බැබලීම නැති විටක
එළියකට අතවනන
නොහඳුනන දුර සොයන
මතක තාරකාවියකි නුඹ


ලියා තව තවත් දේ
අවුලා ගනු කුමට නුඹේ
දඩබ්බරයයි කියා ගන්නා හිත
එයිනුත් පාඩුවම කවි මටමය


දහසක් දේ තබා සිතුවිල්ලක
එකක් හෝ සඟවා කඳුලක
සිනාගඟක පීනන නුඹේ
හිත මෙල්ලයි දඩබ්බරියේ
 

brought to you by
  1. "සිනාගඟක පීනන නුඹේ
    හිත මෙල්ලයි දඩබ්බරියේ"

    කව්ද මේ දඩබ්බරී?? ලස්සනයි කවිපෙල යාළුවා..

  1. ස්තූතියි දිනේෂ්..මේ දන්න කියන දඩබ්බරියෙක්..මගේ හොඳ මිතුරියක්..

  1. lassanay machn..!!! mama nam dannawa kauda oya dadabbari kiyala :))

  1. හා හා..මම දන්නවා සහෝදරයා ඒ දඩබ්බරීව දන්නවා කියලා.මේ කවිය ලියපු මොහොත දක්වා මමත් ඒ දඩබ්බරීව දැනගෙන හිටියා...

  1. දඩබ්බර හිත..හොඳයි හැබැයි ලංකර ගන්න නෙවෙයි..සංවර්ධනය කර විකුණන්න

  1. මොකද මේ දඩබ්බර කමක් මතක් වෙලා ........
    ලස්සනට ලියලා තියනවා ....

  1. @R.K- ‍ඇයි සහෝදරයා අර සංවර්ධනය කරන්න උත්සහ කරපු එක..ඒකට මොකද වුණේ..මට කතාකරපු වෙලාවක මම කියන්නම් කඩේ මොකක්ද කියලා

    කල්හාර - ස්තූතියි කල්හාර..දඩබ්බරකම් අදටත් ඇස්දෙකෙන් දකිනකොට මත්කවෙනවනේ ඒවයේ අයිතිකාරියොත්

  1. දෙබසකට මාරු වෙන්න අමාරුයි සහෝදරයා ජංගම කතාව තමයි ප්‍රසිද්ධ..ජංගම කතාව මාරු කලොත් මටත් ජංගම වෙන්න වෙනවා..දඩබ්බරියන් එමටය..කතාද එමටය..උන් ගැන ලිවීමට කවිද බොහොමය..

  1. මට මල් කැඩීමට හේතු කාරණයක් නැති නිසාවෙන් කුමටද දෙබස්..මේ ජංගම කතාව මට අගනේය..අගනේය..

  1. දේව් සහෝදරයා දඩබ්බරි කෙනෙක් ගැන ලියපු නිසා දඩබ්බරිටත් හිතුනා මේකට පිළිතුරු කවියක් එකතු කලොත් හොදයි කියල..අහිතක් හිතන්න එපා!

    කවි සිත දඩබ්බරයි
    කවිපද නැගෙන කල,
    මේ හිත අහිංසකයි
    දඩබ්බරි උනත් නම..


    හිතින් චංචල
    ගතින් සංවර
    උනත් තිස්සෙම
    මුරන්ඩුය මේ දඩබ්බරී..


    මතක ගොඩක්
    ගොඩ ගැසුවත්
    තාරුකාවකි තවමත් මං
    නිවෙන්නට ලං උන...


    නොකියු දේ බොහොමයි
    ලියා ඇති දේ අල්පයි
    මගේ කවි සිත මෙල්ලද?
    තීරණේ ඔබට බාරයි...!
    :D

  1. මතක ගොඩක්
    ගොඩගැහුණ
    තාරුකාවකි නුඹ
    නිවියන ලෙස
    ආලෝක ජනනය
    නිවාදමාගෙන
    ආණ්ඩුවට දොස්කියන

    ......හිකිස්

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්