twitter rss

අම්මේ මම අදත්....

:::ලිපි වර්ගය:::
4 Jun 2011
 


අදත් දුක සැප නිතර විමසන
සෝසුම් මැද ජීවිතේ
නිතින දිවියට සුවය ඔබමය
කටු කොහොල් මැද මාවතේ


 ලොවම දිනකදි හැර ගියත් මම
නොවේ නුඹ නම් සෙලවුනේ
වඩා මා සිපගත් විලසින්ම අද
නිවයි ගිනිගත් ජීවිතේ


සදා මා ලද අමිල සුවබර
ඔබේ සෙනෙහේ ගැන නම් කියා
ලියන්නට මට අකුරු දෙනුමැන
සෙනෙහසින් නුඹේ දෝවලා 

brought to you by
  1. මවු ගුණ ගැන කොයිතරම් කවි ලිව්වත් ඒ සෙනෙහස මෙච්චරයි කියලා කියන්න බෑ යාළුවා.. අපූරුයි මේ කවි පෙලත්...

  1. අනිවාර්යයෙන් යාළුවා

  1. කවි පෙළයි...පින්තුරෙයි හරිම ලස්සනයි..

  1. ගොඩක් ස්තූතියි නිම්ශා

  1. අම්මා ගැන නේද කියලා තියෙන්නෙ .............
    ලස්සනයි .............

  1. ඔව් කල්හාර සහෝදරය..ස්තූතියි අදහස් දැක්වීමට

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්