twitter rss

මූණු පොතේ ඔබ හිටියා...

:::ලිපි වර්ගය:::


සයිබරයට සඳ පායපු එක දවසක්දා
සිහින අතර හිත කකියන අඟහරුවාදා
අලස කමින් මම මැතිරුව ගී නද පරදා
මට ඇසුණා ඇලට් එකක් රික්වෙස්ට කරලා


නිහඬ රුවට නුඹේ ඇස්දෙක රූපෙන් පෙනුනා
හිතාගන්න බැරි විදියට හදටම දැනුනා
බිත්තියේ ලියු පද වැලකින් වදන් ඇරඹුනා
නුඹ පිළිතුරු දුන් දවසේ හිතම පිබිදුනා


අකුරු හරඹ නිතර නිතර හද ලන්කරනා
ඉන්බොක්ස් එක පිරිලා යන ලියුම් වැඩිවුණා
ජීවිතයේ එක කොටසක් නුඹට වෙන්වුණා
මූණු පොතේ හමුවුණු නුඹ හිතේ රජවුණා



කාලය ගෙවිලා නැවතී ඇසුර වැඩි වෙලා
මූණු පොතෙන් ස්කයිප් එක තරණය කරලා
මිණි ගිගිරිය පරදවනා හඬ රැව්දීලා
සයිබරයේ ජීවිතයම අපේ වන් වෙලා



දුර සිට නොහඳුනනා පෙම අරුථක් සෙව්වා
සොයාගන්න බැරි තැන හිත් රිදුමක් වූවා
හිත ගිය තැන තැනු මාලිග දෙදරුම් කෑවා
මූණූ පොතේ හමුවුණු නුඹ නුඹේම වූවා....

*************************************
......... in a relationship with......now...
-  Like  -  Comment  -  Share  -

brought to you by
  1. පද පෙල ලස්සනයි.. නමුත් අවසානය ගැන දුකයි..

  1. සෑම සතුටකම අවසානය ඛේදාන්තයක්ලුනේ..ස්තූතිය හිම කුමාරි

  1. ලස්සන කවි පෙලක්. නියමයි.

  1. බොහොම ස්තූතියි මධූ

  1. හා හා මේක නම් ඇත්ත කතාවක් වගෙයි...

  1. ඔව් ඉතින් ඇත්ත වෙන්න ඇති..ඔයා කියපු කතාවකින්නේ මම මේ කවිය ලිව්වේ

  1. අසුරු සැණින් නුඹ හමුවී හිතේ රජ කෙරුවා
    මටත් නොදැනිම නුඹ මාගේ සිහිනය වූවා
    දොඩමළු උන හැම මොහොතක නුඹ මගෙමයි සිතුවා
    ඒත් නුඹ මට නොදැනිම අන්සතු වී තිබුනා..

  1. ඔය එන්නේ පුද්ගලික අත්දැකීම් ගලාගෙන..නේද දිනේෂ් සහෝදරයා..කොහොම වුණත් යාළුවනේ මේ කවිය මගේ ජනප්‍රියම ලිස්ට් එකේ තුන්වෙන් තැනට ඇවිත් තියනවා එක දවසක් ඇතුලත..ඒක ගැන ගොඩක් සතුටුයි..ඒත් තවමත් වැඩිපුරම ප්‍රතිචාර ලැබුණු සිත්ගිමන් හල කවිය අංක එකේ

  1. ලස්සනයි...
    සයිබරයේ,මූනු පොතේ
    බැදෙනා මේ කතාවන්
    කෙටි කතාම විතරක් බව
    හොදින් පුතේ සිතට ගන්න.. :D

  1. කෙටි කතාවක තියන රසය නවකතාවක නෑ කිව්වේ ගී ද මෝපසාං..පුද්ගලික අත්දැකීමක් නොවුණත් බොහොදෙනෙක් විඳලා ඇති මේ අත්දැකීම..ස්තූතියි සහෝදරිය අදහස් දැක්වීමට

  1. සහතික ඇත්ත සහෝ .....
    ඔහොම දේවල් වෙනවා .....

  1. අනන්තවත් වෙනවා කල්හාර සහෝදරයා..සුළුතරයක් තමයි හෙළිකරන්නේ..බහුතරය හිතේ හංගගෙන ඉන්නවා තමන් සයිබරයේ පෙම් නොකල බව කියමින්

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්