-
හැම නහරෙකම දුවන පීතෘ සෙනෙහස ගැන වචන මාත්රයක්..ස්තූතියි දිනේෂ්
-
ඕක තමා ඕන තාත්තා කෙනෙක්ගේ බලාපොරොත්තුව ...
-
තාත්තා කෙනෙක් අපේක්ෂාකරන අමරණීය සුවය ඒකයි..තමන්ගේ දරුවෝ තමන්ටත් එහාට යාම..ස්තූතියි කල්හාර
-
කවියට ලැදි සිත සදා අමරණීයයි, ඒක ඇත්ත,..
තාත්තා කෙනෙක් හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවා සතුටින් තියන්න, ඒ වගේම එයා හොඳ මිනිහෙක් වෙනව බලන්න. පිය සෙනෙහස ගැන මට හිතෙන්නේ මෙහෙමයි,....
ළමා මාගේ සොදුරු මතකය
නුඹත් සමගිනි බැදී ඇත්තේ,
එදා මෙන් අදටත් මගේ ලොව
නුඹයි රජවී කිරුලු දැරුවේ,.
දුටුවේ නව ලොව හිරු කිරන මම
සොදුරු නුඹගේ සොදුරු දෑසින්,
කියා දුන් හැටි අගෙයි පාඩම්
මතක් වෙයි අදටත් එදා මෙන්,.
කවා බත් ගුලි එකින් එක ගෙන
කියා දී හොද ගුන දහම් කද,
සදා මාගේ ලගින් සිටි සඳ
වදිමි ඔබගේ පා පියුම් යුග,.
නුඹේ සෙනෙහේ නිමක් නොදුටිමි
එදා මෙන් අද හෙටද විදිනෙමි,
පියානෙනි නුඹ සිතේ සිතුවිලි
සදා මම ඉටු කරමි නොපැකිලි,.
ගඟක් විය නුඹ දිය ලබා දෙන
පින් කෙතක් නුඹ සෙත සදා දෙන,
ලතෙත් උනුසුම නුඹෙ සොයාගෙන
සදා එමි සසරේ පතාගෙන,.
-
ලස්සන පද පෙළක් ප්රාර්ථනා..ඔන්න ඔයා හරියටම සිතුවිලි පලසට කවියක් ලිව්වා වගේමයි...ඇත්තටම තාත්තා ගැන කථාකරද්දි අපි ගොඩක් සංවේදී වෙනවා..ස්තූතිය අදහසට
-
අපේ තාත්තටත් දුර ඉඳන් මේ වගේ හිතෙනවද දන්නෑ. දන්න දා ඉඳන් එයා මගේ හිතෙන් හරි ඈතයි.
සොයා මහ වන අරණේ
දුලභ ලෙස හැඳින ඔබ
ගෙනවිත් සුරැකිව
පැලකල
පුංචි පැලය මම..
ඉන්පසු නුඹ කිසිත් සොයා නොබැලූ..
ඒ නිසා මගේ පැත්තෙන් මේ කවිය වඩාත් සුදුසු මගේ අම්මට.
-
ජීවිතේ සංවේදී කාරණාවලට මොකක් හරි හේතුවක් තියනවා සහෝදරී..මට තේරෙනවා ඔයා ඒ සිදුවීමට ගොඩක් සංවේදී කියලා..තාත්තලා දාහක් වටින අම්මෙක් ඉන්නවනේ..ඉතිං ඒ දුර ගැන හිතන්න එපා
-
Anonymous July 5, 2022 at 12:39 PM
❤️🌹
නුඹෙ සෙනෙහස දෙව්ලොවකි මා හට
පුදමි මේ කව මම, සෙනෙහසට නුඹ දුන්න
ආදරෙයි මම මහමෙරක් තරමටම
තාත්තා නුඹයි මට මතු හැම ආත්මයකම..