twitter rss

ගජමන් කිවි සිතට....

:::ලිපි වර්ගය:::



සිදුකර   වියත්කම් සසොබන       සිරිලකට
                      දුරුකර    නිවටකම් සුවබර          දිවියකට
                      මම හැර   යමෙක් ඇත්නම් නුඹෙ   හදවතට
                      දියකර     හරිමි මගෙ කවි සිත     එපා මට  


                      රුව දුටු   සැණින් මන්මත් කරවන   සොඳුරු
                     නෙත් දුටු   සැණින් කරවයි මගෙ සිත  මියුරු
                      පැහැ දුටු  සැණින් දිදුලන නෙත් මිණි  පවුරු
                      නුඹ දුටු    පෙමින් කකියයි හදගැබ   මැදුරු


                     ගජමන්    පෙලපතට සරිලන තෙද     මහිමේ
                     පෙමදුන්  මටත් පෙන්වන කල ඉවසමි      මේ
                     නිදුකින්    සිටින තුරු හැරයනු බැහැ  සුසුමේ
                     අභිමන්    ලඳේ හිමි කරගමි පෙම     උරුමේ

brought to you by
  1. නියමයි. ලස්සනයි... ඔයා ඇලපාත මුදලි ද ජනරඟ..?

  1. ඇයි ඔයා මදහාස නගන්නද අහන්නේ..හිකි හික්ස්..ස්තූතියි අදහසට හංස පිහාටු

  1. කවි සිතට නුබේ මගෙ හද බැදුනේ
    සුකුමාල රුව නිතර සිහි උනේ
    ඇලපාත මම නුඹ ගජමන් නෝනේ
    කියමුද පෙම් කවක් අපි රහසේ..

  1. දිනේෂ් සහෝදරයා පුරාතන පෙමටත් මට වගේම හිතගිහින් වගේ

  1. හැමදාම මම මදහාස නගනවනේ ඉතින්. හික්ස්..!

  1. ඔව් යාළුවා... ගජමන් පෙම් පුවතට කවුරුත් ආදරෙයි...

  1. @හංසි - ඔව් ඔව් මට ආරංචියි පහුගිය දවසක මදහාසේ වැඩිවෙලා දවස් දෙකක් විතර ඇඩුවා කියලා

    @දිනේෂ් - ඇත්තටම..ඒ පෙමින් බිහිවුනු අනු සාහිත්‍යයක් තිබීමම හොඳ නිදසුනක්

  1. ස්තූතියි කල්හාර සහෝදරයා

  1. බොහොම අගෙයි... මට ඇලපාත මුදලිව මැවිලා පෙනුනා..

  1. මටත් මැවිලා පෙනුනා..ටිකක් ඉස්සර..ස්තුතියි චමී..

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්