twitter rss

නමක් නැති බැඳීම..

:::ලිපි වර්ගය:::

මේ ආදරයමද
නමක් සොයාගත නොහැකිවිය
අප අතර බැඳුනු මේ බැම්මට
නුඹත් නොකී මමත් නොකී
ඒ බැම්මට
අපි එක්කල හදවත්
සංකල්පනා
එය සවිමත් කලහ...


කියන්න නමක්
අපේ බැඳීමට
ආදරයමද මේ බැම්ම
නොමැති එහි ආදරයක්
මා දන්නා තරමටම
ලෙන්ගතු ආත්මීය බැම්මක්
හැරෙන්නට


 මා තදින් හිරක‍රගෙන
නුඹේ වෙව්ලන දෑත
හෙව්වා අරුථක් 
මේ බැඳීමට
මා නෙත් දෙස බලා නුඹ
කිව්වා යමක් නොදැනෙන්නට
මේ බැඳීමේ නම
තියනලෙස හදවතෙහිම

brought to you by
  1. මට තේරුම් ගන්න බෑ
    මේ බැදීම ගැන
    නුඹටත් මටත් වෙන්ව
    ඉන්න බැරි උනත් මොහොතකට
    අපි අපෙන් දුර බව දැන දැනම
    තනන්නට හදන මේ බැදීමට
    මට කියා දෙන්න නමක්
    නුඹවත් සොදුර දන්නවාද??

  1. ලස්සනයි.. මේ ලෝකෙ තියන ආදරයට වඩා හිත් වලින් කරන ආදරයයි ලස්සනම. හැබැයි මේකට love පලස කියන්න වෙනවා අදට. මට කියපු කතාවට ප්‍රතික්‍රියාව.

  1. @දිනේෂ - සමහර බැඳීම් ආමන්ත්‍රණය අපහසුයි..ස්තූතියි යාළුවා

    @හංසි - මේකේ ආදරේ නෙවෙයි හැ‍මදේම තියනවා..හැමදේම තියෙන්නේ සිතුවිලි විදියට ඒකයි මේකට සිතුවිලි පලස කියන්නේ

  1. තාමත් සොයනවා.....
    පැහැදිලි අරුතක්......
    ආදරය කියන.....
    අකුරු හතරට...

  1. උඹටනම් මටත් වඩා අමාරුවෙයි හොයාගන්න..ස්තූතියි යාපා

  1. ආදරය සුන්දරයි.ඒත් ඒ ඇත්තටම සැබෑවක් නම් පමනකි

  1. ආදරය සුන්දර වරදක් බබා..ආයුබෝවන් සිතුවිලි පලසට

  1. ෂුවර් එකටම ආදරේ තමා .......

  1. නමක් නැති බැඳීම් ලෝකේ ඕනි තරම්..හ්ම්ම්..මේකත් ඉන් එකක්..
    ලස්සනයි කවිය යාළුවා..!

  1. @කල්හාර- ආදරේ නෙවෙයි වෙන්න ඇති සහෝ..කවදාවත් එතන ආදරයක් තිබුණේ නෑ මම හිතන්නේ..එතන තියෙන්‍න ඇත්තේ අසීමිත කැමැත්තක්..

    @පවී- ස්තූතියි පවී..නමක් නැති බැඳීම් ඕනෑ තරම් තියනවා ඔව්..ජීවී උදාහරණ අනන්තවත්..ඔයත් දන්න මමත් දන්න..

  1. ලෝකෙ විවිධාකාර බැඳීම් මැද්දෙ ආදරය එක බැඳීමක්. ඒත් ආදරය ඇතුලෙ විවිධාකාර නම් වලින් බැඳෙන බැඳීමුත් නම් නැති බැඳීමුත් කීයක් තියෙනවද? ඒත් අන්තිමට මුකුත්ම නෑ වගේ.

  1. ආදරේ අනු බැඳීම් අතරේ නම් නැති බැදීම් අනන්තවත්..ස්තූතියි කැමීලීයා

  1. yapa kiyala daanna epa ban blog eke.....:P

  1. හරි හරි..ඉතිං පුරුදු නම යාපා නැතුව කිසි ගතියක් නෑ..

  1. මටත් ඔයවගේ නමක් නෑති බෑදිමක් තිබුනා.මම නම් හිතන්නෙ ඒ මිතුරුකම වෙන්නෑති කියලා.

  1. මිතුරුකමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්
    ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
    සඳ තරමට අවිහිංසක සොඳුරු හදවතක්
    බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්