twitter rss

නෙතු අඳ මුත්...

:::ලිපි වර්ගය:::


නොපෙනුනත් ඔබට
රැස් දහර විහිදන හිරු
සෞම්‍ය කාන්ති පතුරන සඳු
දැනේවි හැමදාමත්
මගේ ආදර උණුසුම ඔබට...
දෑතේ වෙලී මාගේ
සදාදර සෙනෙහසද දෝතට ගෙන
ඔබ මා අසලින් හිඳ
සිනාසෙයි තනිවම.....
අඳුරු ලොවේ ඔබ ඔය ඉන්නා
හිරු සඳු වෙන්නෙමි මම
හැමදාටම......
ආදරේ ඔය හිතට
දැනෙනතුරු ලංව ඉන්නම්
උණුහුමෙන් ඔබ ලඟම
හිඳීවි මා හදවතත්.......

brought to you by
  1. කාටද අප්පේ හිරු සඳු වෙන්න යන්නේ..‍
    අපිටත් කියලම යන්නකෝ.

  1. හරිම ලස්සනයි!!

  1. @කැමීලියා - ඔයාට නෙවෙයි අනේ..ඔයා අන්ධ නෑනේ..මේ අන්ධ කෙල්ලෙක්ට

    @පවි - ස්තූතියි යාළුවා

  1. ඒක නම් හොඳයි. ඔයාගෙ නිර්මාණ වලින් එයාට ලෝකෙම පෙන්නන්න පුළුවං වෙයි.

  1. ඒ මොකක්ද කැමීලියා ඒ කතාව..නිර්මාණ වලින් ලෝකෙ පෙන්නන්න?

  1. අපි කවුරුත් අඳුරේ අතපත ගාන අන්ධයෝ පිරිසක් මේ සංසාරයේ....සැබෑ පෙනීම තියෙන්නේ අමා මහ නිවන තුලයි.

  1. සැබෑ නිවන අත නුදුරේ..නමුත් හිතට බොහෝ දුරින්..නිවන සාක්ෂාත් කරගැනීමට අවැසි සිත් ප්‍රබලත්වය රඳනු ඇත ඒ අවැසි මොහොතක

  1. දුකය බැලු බැලු අතට
    බැරිය තව දුක් විදිනට
    නිවන හොඳය ඉන් ගැලවුමට
    සැපය එතනයි නිති විදිනට

  1. ඇත්තටම එහෙම ඇති වෙන බැඳීමුත් ඇති නේද ........
    ඒ කියන්නෙ අන්ධ කෙනෙකුට ආදරය කිරීම ....

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්