twitter rss

අඩ ශතක කව...

:::ලිපි වර්ගය:::


අද අමුතු දවසක්මැ
අද අමුතු සුවයක්මැ
අඩශතක කවියයි
ලියන්නේ පලස මත

ඇරඹි බක් මසින්
සුබ මුහුරත් හිතින්
ඇවිත් බොහෝදුරක්
විඳිමි සිතින් ඒ තුටු

නොයෙක් මල්පෙති
නොයෙක් කටුහෙල්
මැදින් ඇවිදින් ඉතින්
බොහෝ වෙහෙසයි සිතට

ගිමන් නිවාලන්නට
හිතුනත් ඉඩදෙන්නට
මගේ පන්හිඳ තුඩු අගට
නැතේ එය ඉඩදෙන්නේ

ආ මග දෙස මම 
හැරී බලනෙමි ඉතින්
නෙතින් තදකරන්
තුටු කඳුළු මල් ගොඩක්

තවත් දුර යන්න ඇත
ගමන අවසන් නැත
පලස මත සිතුවිල්ල
තබමි දිවි ඇති තෙක්ම

brought to you by
  1. සුභ පැතුම් අයියා

  1. ස්තූතියි මල්ලි

  1. නූඹේ අඩශතක කවට
    මම ගෙනෙන සුභපැතුම
    සමග පිළිගන්න ඉතින් සොයුර
    හද පතුලෙන් නැගෙන තුට..

    ලියන්න තව කවි සිය දහසක්
    සොදුරු අදහස් කැටිකර නිතැතින්
    ශක්තිය ලැබේවා නුඹට
    සිතුවිලි පලස තව එළි කරන්නට...

  1. This comment has been removed by the author.
  1. නියමයි ......
    මගේ සුබ පැතුම් ..........

  1. @දිනේෂ්- බොහොම ස්තූතියි දිනේෂ් සහෝදරයා නිතරම ඔබදෙන දිරි සවි අගයයි මහදත් හැමදින එකලෙසින්ම

    @කල්හාර - බොහොම ස්තූතියි කල්හාර හැමදාම ඔබත් සිතුවිලි පලසේ යාවජීව සාමාජිකයෙක්

  1. මගෙන් සුභ පෑතුම් අයියේ.දිගටම ලියන්න.ඔයාගෙ කවි වගේම කතාත් හුගක් ලස්සනයි.
    "පලස මත සිතුවිල්ල
    තබමි දිවි ඇති තෙක්ම"
    අපිත් ඉන්නවා දිවි ඈති තෙක්ම ඔයාගෙ නිර්මාණ රස විදින්න.

  1. පලස මත සිතුවිල්ල
    තබන්නට දිවි ඇති තෙක්ම
    නුඹට, නුඹේ පන්හිඳට
    වෙහෙස නොම වේවා දිවි ඇති තෙක්ම

    සුභ පැතුම් සහෝදරයා...

  1. රෝස මල් හා කටු පිරුණු මාවතේ
    ආ දුර බොහෝය
    යායුතු මග බොහෝය
    වැට කඩලු පැන
    ජය ලබන්නට
    පතමි සුභාසිරි
    මා හදින්

    අඩශතක කවට මගේ සුභ පැතුම්!

    සහෝදරයා...
    රෝස මල් හා කටු පිරුණු මාවතේ
    ආ දුර බොහෝය
    යායුතු මග බොහෝය
    වැට කඩලු පැන
    ජය ලබන්නට
    පතමි සුභාසිරි
    මා හදින්

    අඩශතක කවට මගේ සුභ පැතුම්!

    සහෝදරයා...

  1. @කැමීලියා- ස්තූතිය කැමිලියා මල..ඉන්න සිතුවිලි පලස මත විදගන්න සිතුවිලි සුවද හදවත් අල්තාරය මත පිදෙන

    @ඇනොනිමස් - ස්තූතියි සහෝදරයා

  1. 50 පහුකරා කියන්නෙ නම් ඉතින් දැන් ටිකක් වයසයි. කොහොම උනත් සුබම සුබපැතුම් ජනරඟ ඔයටත් සිතුවිලි පලසටත්..!

  1. ස්තූතියි හංසි...ඔයත් යාවජීව සාමාජිකයෙක්

  1. පලස මත දිග හැරෙන අකුරු
    සිතට දැනුනයි සුවය මහරු
    තවත් කරනට අකුරු සයුරු
    ලැබෙයි ඔබ හට සවිය සොයුරු

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්