twitter rss

ගං දිය...

:::ලිපි වර්ගය:::


සිත් පිත් නැති ලෙස
ගලායන ගංදිය
ගලායාවී සමුදුර තෙක්ම
කරදිය සුවඳ දැනෙන තෙක්ම
ඉහිලීමට අපහසු වූවත්
නැවතත් සෙනෙහෙ සිතින්
හැරී එන්නට ගංදිය
නොකැමතිව ඇති
එබැවින්ය හැමදාම ගංදිය
සයුරටම ගලන්නේ..

brought to you by
  1. කරදියට මුසුවී
    සොදුරු බව නැතිවන
    බව දැන දැනම
    මුහුදක් සොයා ගෙන ගලන
    හිත් පිත් නැති
    ගංදිය ඔබ..

  1. ඇත්තටම ඔව් දිනේෂ්..ස්තූතියි

  1. ලස්සන පබැඳුමක් .........
    නියමයි ........

  1. බොහොම ස්තූතියි කල්හාර

  1. ඇසිල්ලක්වත් නැහැ පමා
    ඉම බලා යනතෙක්
    නොයිවසිල්ලෙන්
    ගලන ගං දියට
    අත වනා කුමකටද?
    සෙනෙහසින් එය විඳිනු වස් .....

  1. @නෙතුපිය- අතවනා නොසිට නවතාගන්නට වෙහෙසුන
    ගංදියට නොහැරෙනු බැරි සිතින
    යයි සයුර දෙසට
    සිත් තොසින්

  1. කරදියට මුසු වුවද
    වැලඳගන්න‍ට නොඉවසිල්ලෙන් පසුවන
    සයුරම සොයා යනු මිස
    ගඟකට වෙන සැපක් වෙද මිහිමත

  1. සත්තකින්ම..ඕක ඉස්සර මම හැමදාම හිතනවා..සමහර ගෑණු ළමයින්ට තමන්ගේ පෙම්වතා ගොඩක් දුක් දෙනවා වද දෙනවා..ඒත් එයාලා කවදාවත් වෙනස් නොවී අර කොල්ලා පස්සෙන්ම ආදරේ ඉල්ලන් යන‍්නේ ඇයි කියලා මම ඉස්සරත් හිතුවා

  1. කරදියට මුසු වුවද
    සදා ආදරයෙන් වැලඳ ගන්නා
    සයුරම සොයා යනු මිස
    ගඟකට වෙන සැපක් කොහිද මිහිමත

  1. @ජනරංග

    එහෙම කියලා ඒ ගැනු ළමයා මරන් කන්න හදනවා නම් ඒ ආදරයෙන් වැඩක් තියේද?
    ඕකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන් සහෝදරයා.

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්