twitter rss

නුඹයි...මහද සරා සඳ...

:::ලිපි වර්ගය:::


තරු පිපී ගනඳුරට එළිය වුණු අතීතෙක
නෙත් කෙවෙනි කකියනා කඳුළු කැට මත රැඳුනු
සිහින් සිහිලක් ලෙසින් සෙනෙහෙ සිත මත වැටුනු
නුඹ මගේ හදවතයි තනියටත් මට තිබුණු


වැහි වැටෙන තෙත බරිත ජීවිතය මත පිපුණු
ඉද්ද මල් කැකුළ නුඹ පෙති කැඩී අහිමි වුණු
මා නෙතට නුදුරෙ පිපි සුවඳ මහදට දැනුනු
පුංචි මල් කැකුළ නුඹ ජීවිතය කියා දුන්නු


ආදරෙයි නොකියුවත් වදනකින් කිසිදිනෙක
ආදරෙයි ඔය හිතට කකියනා තුරු මෙහද
ජීවිතය මත ඉන්න සඳට තරුවක් ලෙසින
එකම එක සරා සඳ  මගේ හදවතේ රැඳුණු

brought to you by
  1. නුඹමය සරා සද මගේ හදවතේ රැදුන
    නුඹමය මල් කැකුල මගේ හිත සුවද කල
    නුඹමය වැහි බිදුව මගේ නෙත් තෙමා හල
    නුඹමය ආදරය මම සිහිනයක් වී දැනෙන..

  1. @නදුන් - ස්තූතියි නදුන්

    @දිනේෂ්- පුරුදු විදියටම ලස්සන කවි අදහසක්..ස්තූතියි දිනේෂ්

  1. අහිමි උනත් ආදරණීය ආදරයක් .......

  1. නුඹට මා පෙම්කෙරුවද
    නොදනිමි නුඹ මට
    පෙම්කරනා බව
    දනිති නුඹ මා නුඹට පෙම්කරනා බව
    පෙමට පෙම නොපෑහුන ද
    නුඹයි මගේ සිහින කුමරිය සැම දා

    හදට හද පෑහීම
    නොදනිමි කෙසේ කෙරුමට
    දනිමි මම නුඹට ආදරය කරන වග
    දුරට ගිය නුඹ හද
    නොදනිමි යලි රැග එන්නට
    හිතින් මා නුඹට ආදරෙයි
    සදා මගේ පණ සේ...
    නුඹට මා පෙම්කෙරුවද
    නොදනිමි නුඹ මට
    පෙම්කරනා බව
    දනිති නුඹ මා නුඹට පෙම්කරනා බව
    පෙමට පෙම නොපෑහුන ද
    නුඹයි මගේ සිහින කුමරිය සැම දා

    හදට හද පෑහීම
    නොදනිමි කෙසේ කෙරුමට
    දනිමි මම නුඹට ආදරය කරන වග
    දුරට ගිය නුඹ හද
    නොදනිමි යලි රැග එන්නට
    හිතින් මා නුඹට ආදරෙයි
    සදා මගේ පණ සේ...

  1. හරිම ආදරනීයයි.

  1. @කල්හාර - ස්තූතියි සහෝදරයා

    @කැමිලියා- ආදරනීය බව හරි මිහිරියි කැමිලියා මල

  1. oya me liyala thiyenne MAHABHARATHA gavata mama asama tele drama eka gena.kaviya godak match venava.lassanai.

  1. @ඇනොනිමස් - පුද්ගලිකව මහාභාරතයට කතාවක් වශයෙන් කැමතිවුනත් එහි අන්තර්ගතය ගැනනම් කිසිම තෑකීමක් නෑ මගේ..නමුත් මම මේ කතාවට ගොඩක් ආදරෙයි

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්