twitter rss

සදාදර චේ..මේ අහන්න..

:::ලිපි වර්ගය:::

අනේ චේ
දෙන්න ඔය බීරට්
හිස්වැසුම
මුන් එකෙකුට..
නැත්නම්
මුන් මරාගනියි
ඕකට...

brought to you by
  1. එකෙකුට දුන්නොත් නේද මරාගන්නෙ? කාටවත් නොදී ඉන්න එක තමයි වැඩියෙන් හොඳ.

  1. ඔබේ විප්ලවීය මග
    අද විකුණනවා මුං ඉදගෙන
    අනේ ඔබ හිටියානම් ජීවත්ව
    මිය යනවා දැක මේ විගඩම...

  1. @හංසි - එකෙකුට දුන්නොත් එකෙක්ගේවත් ජීවිතය ගැලවේවි

    @දිනේෂ - සහතික ඇත්ත..අද චේ කියන්නේ බඩගෝස්තරවාදය වෙනුවෙන් යොදාගන්නා සන්නම් නාමයක් බවට පත්කරලා ඉවරයි

  1. ඕක විමල් ට දුන්න නං හරි.

    (මේ සයිට් එක කියවන්න නං ටිකක් අමාරුය්)

  1. අනේ බන් ඔන්න ඔය තොප්පිය දාපන් ගිනි ගොඩකට අද ඉන්න ඔය දේශපාලුවෝ එකෙක්වත් ඕක අල්ලන්නවත් සුදුසු නෑ...

  1. @Observer - ඊට වඩා දෙයක් දෙන්න බෑ මිනිහට..හිකිස් (මොකද කියවන්න අමාරු?)

    @කිඩෝ - උඹේ කතාවෙත් ගතයුත්තක් තියනවා..ඕකට පොරකන්නේ දේශපාලකයෝ වුණාට ඕකට පොර නොකන ඕක හිමිවිය යුතු පිරිසක් ඉන්නවා..

  1. හිස් වැසුම දුන් නමුදු
    පලඳීද හරියටම
    කියන්නට හැකි කාට .....

  1. ඒකත් ඇත්ත සජීවනී සහෝදරී..ඒකත් හරියටම මහසෝනට ඔළුව සෙට් කලා ‍වගේ උනොත්

  1. ඔකේ වටිනාකම දන්නේ ඕක අඳින මිනිහ මිසක් දකින මිනිහ නෙවෙයි.පොඩි වැරද්දක් වෙලා තියෙනවා මචන් එක නිසා මම හරි ගස්සන්නම් මේ තොප්පියේ නම බෙරේට් විදිහට වෙන්න ඕනි

  1. බොහොම ස්තූතිය දිලීප වරද නිවැරදි කිරීම වෙනුවෙන්..මම එම වචනය උච්චාරණයට හුරුවුණේ එහි ඉංග්‍රීසි වචනයේ අකුරු උරුවටයි

  1. ඔළුවෙ කෙස් ටිකත් විකුණපු එවුන් ඕකට මක් කරයිද? ඒ නිසා අර කිව්වත් වගේ දාන්න ඕක ගිනි ගොඩකට සුදුස්සෙකුට නොලැබෙන නිසා. ලැබුනත් අනිත් එවුන් ඒකව මරලා දායි. Che වෙළඳ නාමයක් වුන ලෝකෙක අපි ඒ හැමදේම අතිතයට එකතු කරමු සහෝදරයා...

  1. සහතික ඇත්ත කැමීලියා

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්