twitter rss

මුතු කුඩයක් අරන්..

:::ලිපි වර්ගය:::

තරු එළියට හැන්දෑවට
මුතු කුඩයක් යටට ඇවිත්
ජීවිතේම අතට අරන්
ඇවිද යමුද දුරක ඉතින්

පොද වැස්සට හීන වැටෙන
එක අහුරට අරන් එකට
නෙත් අභිමුව දිලිසෙන්නට
තියන් ඉන්න දෑත් මතම

නිශායාම සිහින් පින්න
වැටෙන අතර කුඩේ යටින්
අවිදන් එමු ජීවිතයට
ඇවිත් ඉඳිමු එදා ලෙසම


brought to you by
  1. ලස්සනයි ගොඩක්..

  1. ගොඩක් ස්තූතියි තරූ..දැන් ගොඩක් අය කවි විඳිනවා අඩුයි..ඒත් මේ අත්දෙක ලියන එක නවත්තන්න සූදානම් නෑ

  1. මල් වැසි වසින
    වසන්තයේ දවසක
    පුංචි දගකාරියක් විලසට
    මතකයි ඔබ
    ම දෑතේ පැටලීගෙන
    ඒ මල් වැස්සේ දග කෙරුවා..

    මල් වැසි වැටෙන
    වසන්තයේ අද
    තනිවු මගෙන්
    වැහිබිදු රහසින් ඇහුවා
    ඒ සොදුරු දගකාරිය
    දැන් කොහිදැයි කියා..


    ලස්සන කවි පෙලක් යාළුවා.. අර කමෙන්ට් එකේ ගොඩක් අය දැන් කවි විදිනවා අඩුයි කියපු කතාවටනම් මාත් එකගයි යාළුවා..

  1. අදයි මේ පැත්තට ගොඩ උණේ !
    මේ තියෙන සමාජ රටාවත් එක්ක තරුණ පිරිස කවි රසවිඳින්නේ කොහොමද කියල ගැටළුවක් පැන නගිනවා නේද??
    කොහොම උණත් හොඳ ගලායාමක් තියෙන පද මාලාවක්!

  1. @දිනේෂ් - යාළුවා අතීත මතකයක් වෙන්නැති නේද? ලස්සනයි..ඇත්තටම අද කවිය අතෑරලාදාලා තියෙන්නේ කුමන හේතුවක් මතද යන්න දන්නේ..සමහර විට මගේ කවි මොඩලයේ දුරවලකමක්ද දන්නෙත් නෑ..

    @නුවන් තාරක - එකඟයි යාළුවා..ගොඩක් ස්තූතියි අදහසට

  1. "පොද වැස්සට හීන වැටෙන
    එක අහුරට අරන් එකට
    නෙත් අභිමුව දිලිසෙන්නට
    තියන් ඉන්න දෑත් මතම"

    හරිම ලස්සන කවි සිතුවිල්ලක්.. :)

  1. බොහොම ස්තූතියි නන්දු..හිතේ තියන දේවල් නේ මේ

  1. godak lassanai aiye.mata boy kenek hitiya nam man me kaviya eyata sms karanava.

  1. Anonymous - එහෙනම් බෝයි කෙනෙක් ඉන්න කාලෙක කෙටි පණිවුඩයක අමුණන්න මේ කවිය ලියලා තියාගන්න දිනපොතේ අවසන් පිටුවේ

  1. මල් වැසි වසින සවසක
    මුතු කුඩයක් ඉහලාන
    මල් පාරේ හෙමි හෙමීට
    ඇවිද යන්න ආදරයෙන්

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්