twitter rss

සංග්‍රාමය..අවසන් නැත

:::ලිපි වර්ගය:::

කඩුවක් අරන් වේළුසුමන
හඹා එයි පසු පසින්
දිවගියත් හැකි වෙරින්
නෑ පසුබැස්සේ ඌ...

දාම බාහු කිටි කිටියේ තදවී
කඩුව ගෙන දෑතින්ම
නිර්භය දෙනෙත්
එක එල්ලේ දිගුකරමින

දහඩිය මුගුරු දා
සිංහ නාදකර මහ හඬින්
තවමත් පසුපස එලවයි
නසාලන්නට
අධිරාජ්‍යවාදය

brought to you by
  1. පිරිවරට පෙනෙන්නට සිහ නඳ කලත්, අද වේළුසුමනලාගෙන් ඇහෙන්නේ බයගුළු නරි හූ නොවෙද?

  1. කොච්චර එලෙව්වත් ඔච්චර තමා... දැන් ටූ ලේට්

  1. @ගයාන් - හැමෝම නොවෙයි..බහුතරයක්..ඒත් අමතක කල නොහැකි සුළුතරයක් නිහඬවම හෙණ හඬ පතුරති..

    @පිස්සා - ඒකත් වැරදිම නෑ සහෝදරයා

    @තරූගේ ලෝකය - ඒකනේ එහෙමලු

  1. අපූරුයි.. ඒත් අද සංග්‍රාමයට යන්න වේළුසුමනලා නෑ කියලා මට හිතෙනවා...

  1. ඔව් දිනේෂ් සහෝදරයා අද ඉන්නේ ඊනියා වේළුසුමනලා

  1. අද වේළුසුමනල හිටියත් එක්කෝ හිරේ නැත්තම් මුකුත්ම කරගන්න බැරි තැනක !
    අනේ මන්ද ලංකාවට මොනවා වේවිද කියල ! :/

  1. ඒකෙත් යම් ගතයුත්තක් තියනවා තාරක..රට වැටෙන තැන වැටුනු උන් නැගිටියි තවත් වෙර ගෙන..ඒක ලංකාවේ අනන්‍ය ලක්ෂණයක්

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්