twitter rss

අලුත් හීනය දකින්න..

:::ලිපි වර්ගය:::

හීන මවන නෙත් දෙක ලඟ
හීනයක්ම වෙලා ඉන්න
පාට පිරුණු ජීවිතයට
අලුත් හැඩය මවා දෙන්න

ආදරයක අලුත් හීන
ජීවිතයට යලි වඩින්න
එකම එක වරක් ආයෙත්
හිනාවෙලා ඇවිත් ඉන්න


කටාර් හි ජනිත් දේශාන් විසින් එවන ලද ඡායාරූපයකට “කවි සිතුවම් “ ලෙසින් රචිත කවියකි. ඔබ සතුව ඇති සොඳුරු සිතුවම් “කවි සිතුවම්“ වෙත එවන්න wijaindu@gmail.com..එසට සොඳුරු පද ඔබ වෙනුවෙන්



brought to you by
  1. ම්ම්ම්ම් ලස්සනයි..

  1. පින්තුරයට ගැලපෙන අදහසක්!

  1. අපූරුයි.. පින්තූරෙත් අමුතු සුන්දරත්වයක් තියෙනවා..

    ඒක නෙමෙයි මාත් ෆොටෝ එකක් එවන්න බැරිද කවියක් ලියන්න..

  1. "එකම එක වරක් ආයෙත්
    හිනාවෙලා ඇවිත් ඉන්න"
    එහෙම වෙනවා නම් කොච්චර හොඳද? ලස්සනයි. අදයි ආවෙ මම. ආයෙත් එන්නම්කො. ජය වේවා!!!

  1. @තරූ - ගොඩක් ස්තූතියි යාළුවා..

    @නුවන් තාරක - බොහොම ස්තූතියි යාළුවා..“කවි සිතුවම්“ නිර්මාණය කලේ ඒ අදහසින්ම තමයි

  1. @දිනේෂ් - බොහොම සතුටින් බාර ගන්නවා..එවන්න දිනේෂ් සහෝදරයා..

    @ෂානි - මේ අපේ පරක්කු ෂානි එහෙම නෙවෙයි නේද..සාදරයෙන් පිලිගන්නවා කවි සිතුවිලි කලාලයට

  1. හීන මවන ඔය නෙත් ලඟ
    හැබෑවක්ම වෙලා මම
    පාට පිරුණු ජීවිතයට
    අලුත් රටා අරන් ඇවිත්
    ළග ඉන්නම් හැමදාටම
    ආදරයත් අරන් ඇවිත්
    (අනේ මම ලිව්වා පදය නම් ලස්සන නෑ අය්යේ.පින්තූරට වගේම කවි පෙළත් අපූරුයි)

  1. ගොඩක් ලස්සනයි නංගි..ස්තූතියි

  1. "එකම එක වරක් ආයෙත්
    හිනාවෙලා ඇවිත් ඉන්න"

    බලාපොරොත්තු..

    ලස්සනයි සහෝ. සිතිවිලි කව.. :)

  1. ස්තූතියි සහෝදරයා..එකම එක වරක්..ඉල්ලීම සරලයි,සාධාරණයි

  1. සිහින පොදි බෑදගෙන
    සිහිනට තුරුලු වී
    ආසයි මම පාවෙන්නට
    නුඹෙ සිහින ලොවේ

    බොදව ගිය සිහිනය
    බොද කලේ ඈයි ද
    පාවිය නොහෑක මට
    තවත් නුඹෙ සිහිනයේ


    එත් අවසරය නුඹට
    පාවෙන්න ජිවිත සිහිනයේ
    බධා ජයගෙන ජයගන්න
    හිනහෙන්න ජිවිතේ මා සමග යම්දිනේ

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්