twitter rss

“නූතන උඩුහුළඟ“..නොදන්නා නුඹට

:::ලිපි වර්ගය:::

අලුත් වෙන්නට පාර කියා නුඹට
පරණ පාරේ කල් යවන මට
නිති හමුවෙන හමුවෙන් උන්
ගසාපිය පොලු පහර බැගින්

වසා දමා කඳුළු දිය උල්පත්
සිනා රැල්ලට හයිය දුන් මට
උඹ යන විට පිට පාරෙන්
ගසනු කස පහර එකවිට

වැටෙන විට අත අල්ලන
නැගිටින විට අතගසා යන
සබන් බෝල හිත් අතර
තවත් එක පිළිබිඹුවක් මම


නිශාන්ත ජීවක කුමාරවඩුගේ “අතුල් පහර“ කාව්‍ය ප්‍රසංගයට ලියූ මුහුරත් කවිය




brought to you by
  1. මේ අධිවේගි මාර්ගය ගැන කියන කවියක්ද??

  1. ඒකටනම් ආදේශ කරන්න ටිකක් අමාරුයි සහේදරයා..

  1. අපි අපි ගැනම මේ පද වැලෙන් කියෙවෙනවයි කියලයි මටනම් හැඟෙන්නේ...

  1. බහුතර සමාජ කුලකය තුල අපිත් ඉන්නවා..බොහොම ස්තූතියි සහෝදරයා

  1. මට නම් හිතෙන්නේ මේක තමන්ගේ ජීවිතය ගැන කලකිරිලා තමන්ගෙන්ම පලිගන්න හදන ආත්මයක කවියක් වගේ අනේ මන්දා ......

  1. එක් එක්කෙනාට දැනෙන විදිය වෙනස්නේ රෙප් මහත්තයා

  1. කොයි තරම් හොඳක් කලත් අද සමාජයෙන් හොඳක් අහන්ට ලැබෙන අවස්ථා අඩුයි නෙ සහෝදරය......
    ඕකයි යතාර්තය. ඒ වුනාට ඔය වෙලාවට තමයි මතක් වෙන්නෙ ඇස්. මහින්ද හිමියන්ගෙ දරු නැළවිල්ල පද්‍ය පංතිය...
    "......ලැබුනත් ලෝකෙන් ගැරහුම්... ඉවසන්නට පුලුවන් නම්....."
    ලස්සන නිසදැස....
    ගත යුත්තක් තිබේ....

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්