twitter rss

වෙනසක පිළිබිඹුව..

:::ලිපි වර්ගය:::

වෙනස
පවසයි හිරු
සඳුට
නොහැක නවතිනු නුඹට

වෙනස
සඳු පවසයි දියට
ගලා යනු ඇත නුඹද

වෙනස
 පවසයි මුඩුබිම්
කෙත්වතු වලට
ධාන්‍ය රැස අස්වැන්නට
දහයියා ගොඩ ධාන්‍ය රැසට

පවසයි 
ඔබ වෙනස් විය යුතුය
එයම පවසයි කුරුමිණියා 
මල් කැකුළට
වෙනස් නොවී
මැවිය නොහැක රෝස මලක්

මල්පෙති පැහැය මැකීයයි
එසේම සුළඟ මත මැවෙන 
තටු සිඳීයයි

ඔබ වෙනස් වේ
පවසයි මරණය අවිවාහකයාට
නුඹේ සුදුමැලි මුහුණ වෙනස්වේ
අතීත මතකයන් වෙත් හෝ
තවත් සුන්දර බවකට

සූදානම්ද ඔබ වෙනසකට
දිගු මතක සැමරුම් අමතක කර
හදවතේ සංකල්පනාවකට
පියමනින්න

උපන් නූපන් නොදන්නා
හැම ලොවට උරුම වෙනසට
යටත්ය හැමදෙය

ඔබ වෙනස්වේ 
තරු ඉරට පවසයි
එයම රැය තරුවලට පවසයි
එකම ස්වරයකින්..


කැතලින් රේන්(1909-2003) විසන් රචිත "The Change" නැමති කවියේ සිංහල අනුවාදනය


brought to you by
  1. හ්ම්ම් ගොඩාක් අර්ථවත් කවියක්..
    වෙනසට කැමති එත් වෙනස් වෙන්න කැමති නැහැ.

  1. බොලේ අද මම 1 වෙලා :)))

  1. ස්තූතියි නංගි..වෙනසට කැමති වෙන්න..එතකොට වෙනස් විය යුතු දේ වෙනස් වෙයි

  1. ඇත්තම කියනවනම් මට නම් තේරුම පැහැදිලි නෑ.. නමුත් වචන ගලපල තියන හැටිනම් අපූරුඉ..

  1. ඒ අවංකකම නම් ගොඩක් අගය කරනවා..ඒ වගේම තමන්ට දැනෙන්නේ මොකක්ද ඒක තමයි කවියේ උත්තම අර්ථේ..වෙන කෙනෙක් පැහැදිලි කරලා දෙන දේ නෙවෙයි..ගොඩක් ස්තූතියි අදහසට

  1. හරි ලස්සනයි...

  1. අපූරුයි... වෙනසට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්නම් ඒක ලොකු ජයක් කියලයි මම හිතන්නේ..

  1. @අමිල - බොහොම ස්තූතියි සහෝදරයා..කලකට පසුවයි මේ පරිවර්තනයක් කලේ

    @දිනේෂ් - ඇත්තටම වෙනසට සාර්ථකව මුහුණ දෙන පුද්ගලයාට තමයි පැවැත්මක් තියෙන්නේ

  1. @තරූ - සොබාදහමත් වෙනස් වෙවී නොවෙනස් දේ කරනවා

  1. ජිවිතේ තප්පරෙන් තප්පරේ වෙනස්
    වන ජිවිතේක..
    වෙනසක් සොයා යන අපි හෑම
    සොයා ගත් වෙනස වෙනස් වන
    විට දුක් වෙන අප හෑම..
    වෙනස් නොවන දේ සොයන අප හෑම..
    කෙදිනක මුලු ජිවිතෙම වෙනස පස් යට සෑගව යයි..
    වෙනසක් නෑතුව අප හෑමට ලෑබෙන එකම දේ මරණය පමනි.......

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්