twitter rss

අහඹුවක සිතුවිල්ල..

:::ලිපි වර්ගය:::

සකුරා මලක් බිමට බැහැලා
සුවඳ විහිදන් සුලඟ සමගින්
සක්මනේ කහ ගඟ අසල
නෙතට සුව දසුනක් මැවේ අද

සුලඟ සමගින් සීතලට එන
හිරිගඩු පිපෙන හවසට වගේ
සකුරා මලේ පැහැ නෙතට දෙන
සිසිලස වැඩියි හදවතේ තරමට

සකේ බීවත් නෙවෙන මත්
හද මත් වෙලා මෙන් සුවඳ විඳ
බිමට බැසි සකුරා මලේ නුඹ
කලකටය මෙලෙසින් සොබා







brought to you by
  1. ලස්සන අදහසක්....සකේ බිව්වත් වැඩක් නැද්ද හප්පා....යාළුවෙක් ගෙනැල්ලා බීලා මගේ නං හතර කොනින් දාඩිය දැම්මා....

  1. ම්ම්ම්... සකුරා මල් ඇත්තටම දැකලා නැති වුනාම ඒවා ලස්සන ඇති.
    ලස්සනයි සිතිවිල්ල

  1. @ඔබ නොදුටු - සකේ වලටත් නොවෙන මත් වෙනත් දේවලින් වේවි මත්..ස්තූතියි යාළුවා

    @අපි වගේ - ගොඩක් ස්තූතියි යාළුවා..සකුරා දේශය ලෙසින් නම් ලද්දේත් මේ සුන්දර මල නිසා නොවෙද

  1. සකුරා මල් මමත් තාම දැකලා නෑනේ.. කොහොම උනත් කවි පෙල නම් අදත් වෙනදා වගේම අපූරුයි.. ඔබ කොහොමත් කවියට දක්ෂයානේ..

  1. @වර්ණා - ස්තූතියි සහෝදරී

    @දිනේෂ් - මමත් දැකලා නෑ සහෝදරයා..දැක්කා වගේ චිත්තරූප මවාගෙන ලියනවා..ස්තූතියි අගය කෙරුවට මගේ දුප්පත් කවිකම

  1. ලස්සනයි අදහස....

  1. ස්තූතියි තරූ..ලගදි ආව අදහසක්

  1. උපාසක බඹරා January 25, 2012 at 9:59 PM

    සකුරා මල් සුවද කුසුම
    විද ගන්නට පින් නෑත මට
    වන බඹරෙක් සිප ගෙන
    පිපි මගෙ සුවද කෑකුල

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්