twitter rss

ඉරණමකට පහලින්...

:::ලිපි වර්ගය:::

නුඹත් දිනක මව් තුරුලක
උණුහුම ලැබ ඉන්න ඇති
මව් ඇකයේ සොඳුරු සුවය
ඉහලින් පිළිගන්න ඇති

නොබෝ දිනක ලොවට එළිය
දෙන පහනක් වෙන්න සිතී
අඳුරු අහස මත ජනිතව 
පොලව මතට එන්න ඇති

නොදුටු ලොවක සිහින පැතුම්
හිත පුරවන් ඉන්න ඇති
අඳුරු මතක මැද ලොව මත
මිලින වෙලා යන්න ඇති

නුඹේ සුසුම් අපේ සුසම්
එක තැන හමුවෙන්න ඇති
දුකක් නැමති සිතුවිල්ලක්
හිතෙන් පලා යන්න ඇති


ඉතාලියේ සිට දිනේෂ් උමගිලිය සොයුරා විසින් එවනු ලැබූ ඡායරූපයකට “කවි සිතුවම්“ වෙනුවෙන් කරන ලද නිර්මාණයකි..ඔබ සතු සොඳුරු සේයා රූ “කවි සිතුවම්“ වෙත එවන්න wijaindu@gmail.com




brought to you by
  1. හිත ඉරි තලලා දමාපු පින්තූරයක්.... පින්තූරය දිහා බලාගෙන උන්නට පස්සෙ පද වැල් ගැන අදහසක් දාන්න බැරි තරමට හිත ගොළු උනා.....

  1. ලොව පුරා මේ ඇත්තට පිටුපාල බාල් නටන අය කොයි තරම්ද? හාමතේ මැරෙන දරැ පැටව් ගැන හිතල විප්ලවයක් කරන්න පුළුවන් නම් ? අපේම නාස්තිකාර ජීවිතත් එක්ක.....

  1. ලොව පුරා මේ ඇත්තට පිටුපාල බාල් නටන අය කොයි තරම්ද? හාමතේ මැරෙන දරැ පැටව් ගැන හිතල විප්ලවයක් කරන්න පුළුවන් නම් ? අපේම නාස්තිකාර ජීවිතත් එක්ක.....

  1. නියම පද පේලි කීපයක්

  1. @දිල් - ඇත්තටම සංවේදී ඡායාරූපයක්..මට මේ ඡායාරූපේ ලැබුණට පස්සේ අදහස් යට කරන් සංවේදීකම ඉස්මතු වුනා..ගොඩක් ස්තූතියි අදහසට

    @තරැරසි - ඔව් මේ සත්‍ය යටගහන්නව විවිධ ෆන්කි සංස්කෘතික අංග බිහිවුනත් කටුක යථාර්ථය තවමත් නිසොල්මනේ..

  1. @මකුළුවා - ගොඩක් ස්තූතියි සහෝදරයා

  1. සංවේදීව ලියල තියනවා...

  1. මම මේ පින්තූරේ ගත්තේ කවියක් ලියන්න.. ඒත් දවස් ගානක්ම මම මේක දිහා බලන් හිටියා.. දුකක් හිතට දැනුනා පුදුම විදිහට.. ඒත් මට මුකුත් මේ ගැන ලියා ගන්න බැරි උනා.. ජීවිතේ පළවෙනි පාරට මගේ හිත හිස් වෙලා ගියා..

    යාළුවා අපූරුවට කවිය ගොතලා තියෙනවා.. ස්තූතියි මගේ ඉල්ලීම මේ තරම් ඉක්මනින් දැම්මට.. ජය!!!

  1. @තරූ - ස්තූතියි යාළුවා

    @දිනේෂ් - බොහොම ස්තූතියි සහෝදරයා ඡායාරූපය එව්වට..මේක ගොඩක් සංවේදී ඡායාරූපයක්..මමත් ගොඩක් හිතලා හිතලා තමයි අන්තිමට පද ගැලපුවේ

  1. @චමින්ද - බොහොම ස්තූතියි සහෝදරයා..මට මතක විදියට සහෝදරයා “සදැසේ“ හිටියා නේද? මමත් යාවජීව සාමාජිකයෙක්

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්