-
ඔව් දිනේෂ් සහෝදරයා..එම හිස්තැනට විකල්ප නැත
-
........... June 16, 2011 at 10:56 AM
හිමි හිමින් ලං වෙලා
මගේ හදමඩල තුලට.....
සිහිනයෙන් මං ගියා
ඔබ සමඟ මහ දුර....
ටිකෙන් ටික වෙන් වෙලා
නුඹ ගියා නොඑන දුර....
ගිනිගනියි හදමඩල
නුඹ තැබූ ඒ හිස්තැනින්....
ගිනි මලෙන් සැරසිලා
ගිනි දළුත් ලියලලා
අළු වලින්
කළුවෙලා
ගිනි යමෙන්
එලිවෙලා
හදමඩල දැවෙනවා
තැබූ ඒ හිස්තැනින්...
R.K.
-
ස්තූතියි යාළුවා
-
Anonymous June 18, 2011 at 12:25 AM
ඒ හිස්තැන් හැමදාම හිස්තැන් පමනක් වෙයි. ඒ කෙසේ වෙතත් අපි මොන රූපයෙන් පෙනී සිටියත් මේ විශ්ව අවකාශයේ හිස්තැන් පුරවන තවත් එක් භෞතික වස්තුවක් පමනයි. මැරිලා පස් වුන දවසක ඒ හිස් තැන හැමදාමත් හිස් තැනක් පමනක් වෙනවා.අපි මොන බයිලා ගැහුවත් මොන බයිලා කෙලියත් හිතෙන් මොන ලොකේ හිටියත් හිස්තැන් උරැමකරන්මයි මේ ලෝකෙට එන්නේ යාළුවා...
-
ඔව් ඒ කතාවට මම එකඟයි..ඒක තමයි විශ්ව සත්‍ය
-
විග්‍රහ කිරීමට නොදනිමි .....
ලස්සනට ලියලා තියනවා ......
-
ස්තූතියි කල්හාර සහෝදරයා
-
කොහොම වැහෙන්නද හදේ හිස්තැන
එහි තරම දන්නේ නුඹම පමණක් කොට
වැසිය හැක්කේද නුඹට පමණය
නුඹ නිසාම උපන් විසල් හිස්තැන
හරිම ලස්සනයි සහෝදරයා....
-
ස්තූතියි කැමීලියා..හැමදාමත් වගේ
නුඹ තැබූ මේ හිස තැන
පුරවනු හැක්කේ නුඹටමය
ඉතින් ඇයිද තවම නුඹ දුරක
නෑවිත් මගේ හද විමනට..