twitter rss

හිස් තැන (තවම එතැන)

:::ලිපි වර්ගය:::



හෙමින් හෙමින් ඇවිදින්
සිඹ වැළඳ පෙම් සිත
නිවා සනහනු බෑ
ගිනිගෙන දැවෙන පෙම් හිත...
සිනා තෙපුලක්
පුදා පෙරලෙසින්
තබා සීතල සුරත හිසමත
සීතල කරනු බෑ
ගිනි පුපුරු නගින මේ හිත...
සරා දස අත
මවා තුටු රූ නෙත් අභියස
කලඹා නෙත්විලම
මුලා කරනු බෑ
නුඹ හඳුනන මේ හිත...
ගිනිගෙන දැවෙන විට
පෙම් සමරු අයෝධ්‍යාව
හැ‍ර ගොසින් මේ දිවිය
පුරවනු බෑ
නුඹ තැබූ මේ හිස් තැන...

brought to you by
  1. නුඹ තැබූ මේ හිස තැන
    පුරවනු හැක්කේ නුඹටමය
    ඉතින් ඇයිද තවම නුඹ දුරක
    නෑවිත් මගේ හද විමනට..

  1. ඔව් දිනේෂ් සහෝදරයා..එම හිස්තැනට විකල්ප නැත

  1. හිමි හිමින් ලං වෙලා
    මගේ හදමඩල තුලට.....
    සිහිනයෙන් මං ගියා
    ඔබ සමඟ මහ දුර....
    ටිකෙන් ටික වෙන් වෙලා
    නුඹ ගියා නොඑන දුර....
    ගිනිගනියි හදමඩල
    නුඹ තැබූ ඒ හිස්තැනින්....

    ගිනි මලෙන් සැරසිලා
    ගිනි දළුත් ලියලලා
    අළු වලින්
    කළුවෙලා
    ගිනි යමෙන්
    එලිවෙලා
    හදමඩල දැවෙනවා
    තැබූ ඒ හිස්තැනින්...


    R.K.

  1. ස්තූතියි යාළුවා

  1. ඒ හිස්තැන් හැමදාම හිස්තැන් පමනක් වෙයි. ඒ කෙසේ වෙතත් අපි මොන රූපයෙන් පෙනී සිටියත් මේ විශ්ව අවකාශයේ හිස්තැන් පුරවන තවත් එක් භෞතික වස්තුවක් පමනයි. මැරිලා පස් වුන දවසක ඒ හිස් තැන හැමදාමත් හිස් තැනක් පමනක් වෙනවා.අපි මොන බයිලා ගැහුවත් මොන බයිලා කෙලියත් හිතෙන් මොන ලොකේ හිටියත් හිස්තැන් උරැමකරන්මයි මේ ලෝකෙට එන්නේ යාළුවා...

  1. ඔව් ඒ කතාවට මම එකඟයි..ඒක තමයි විශ්ව සත්‍ය

  1. විග්‍රහ කිරීමට නොදනිමි .....
    ලස්සනට ලියලා තියනවා ......

  1. ස්තූතියි කල්හාර සහෝදරයා

  1. කොහොම වැහෙන්නද හදේ හිස්තැන
    එහි තරම දන්නේ නුඹම පමණක් කොට
    වැසිය හැක්කේද නුඹ‍ට පමණය
    නුඹ නිසාම උපන් විසල් හිස්තැන

    හරිම ලස්සනයි සහෝදරයා....

  1. ස්තූතියි කැමීලියා..හැමදාමත් වගේ

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්