මලක් වී ඔබ ඇයිද පිපුනේ දකින්නටවත් නොහැකි මල් උයනේ මලක් ළගට වී සොවින් නොවේ මේ අසන්නේ දුකටයි හිතේ... මලක් වී ඔබ ඇයිද පිපුනේ මට රැදෙනු බැරි හද පුදසුනේ දුකක් නැත මේ හිත් මලේ නුඹ පමණි එහි රැදෙන්නේ... මලක් වී ඔබ ඇයිද පරවී උරැමයක් නැති පපුතුරේ දුකක් ඇත මේ හදවතේ ලබන්නට බැරි ඔබෙ සුවද සිහිවී
හීනෙන් හීනෙට ලස්සන දෙන්නට ඔය උණුහුම දෙන්නේ කව්දෝ
යායෙන් යායට එළිය කරන්නට ඔය සිනහව දෙන්නේ කව්දෝ
හීයෙන් හීයට මල් සර දෙන්නට ඔය හැටි ආදරේ පිදුවේ කව්දෝ
ඈතින් ඈතට දුවගෙන යනකොට හිත තියලා යන්නේ ඇයිදෝ
වෛරෝඩියේ නුඹ හෙමිහිට
ඇවිත් මගේ නෙත ලගටම
දිළිසුණානේ හිටි හැටියෙම
හිතාගන්න බැරි ලෙසකට
නිලට නිලේ පිරි දෙනුවණ
රන්පාටට පිපි කොපුලද
පෙනෙන කලට මට නිතරම
අමතකවුණි මැණිකක් වග
කතා කලත් නුඹ හැමවිට
වදන් රැදුනි හද පත්ලෙම
තියන් පැතුම හිත අස්සෙම
ලගම රදුනි මම තිස්සෙම
වෛරෝඩියේ හිටි හැටියෙම
නුඹ සැගවුණි මට නොපෙනිම
සොයනා කල තතු නුඹ ගැන
සිහිවුණි මට මැණිකක් වග
දොළොස් මහට දිදුලන පහන වගේ සිනා සිසී හද පත්ලෙන් බලන් ඉන්නෙ ඇයි ඔය හැටි ඇදක් කුදක් පෙනිලාදෝ ඔබ දිහාම බලන් ඉන්න මගේ..... නැත්තම් යලි සිහිවෙලාද ආගිය විත්තියක් ඔබට සිහින් සිනා මුවින් දරන් බලා ඉන්නෙ ඔය විදිහට
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්