වරාමල් යහන් මත සැතපිලා සිත් තොසින්
වළාකුළු වලින් සීතල සොරාගෙන ඉතින්
නෙලාගෙන පියුම් අංජන විලේ පිහිනමින්
සකිසඳ සිනාසෙනු ඉතින්..........
සදා මල් පිපුණු උයනේ සරා නුඹ ලඟින් නිබඳව
මවා ඉඟි බැලුම් තරඟෙට සිනා රැල් සලා හඳුනන
මුදා සුව සුසුම් තව තව බැඳී පෙම් හුයෙන් අපමණ
සිනාසෙනු ඉතින් සකිසඳ සිනාසෙනු ඉතින්.....
එදා මෙන් අදත් පුරහඳ බලා හිඳිනවා එලෙසම
මිතුපෙමේ සොඳුරු කවියක් ලියනවා වගේ අහසක
පෙම් රසින් පිබිදි නුඹෙ මුව පරවෙලා යන්ට කලියෙන
සිනාසෙනු ඉතින් සකිසඳ සිනාසෙනු ඉතින්.....
පද රචනය - ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර
-
බොහොම ස්තූතියි යාළුවා
-
නියමයි.
ඒත් සිනහව වැඩි වූ කලත් දෑසින් කඳුළු ගලනවා නේද සකිසඳ.
-
සිනහවකට අවකාශය මොහොතකට පමණයි යාළුවා..ස්තූතිය
-
"පෙම් රසින් පිබිදි නුඹෙ මුව පරවෙලා යන්ට කලියෙන
සිනාසෙනු ඉතින් සකිසඳ සිනාසෙනු ඉතින්"
අපූරුයි යාළුවා..
-
ස්තූතියි..දිනේෂ් සකිසඳ
-
විග්රහ නොකරමි ......
එල .......
-
එල එල කල්හාර සහෝදරයා
-
St.Thomas' eka mathakada mallita ah ......:D
-
හත්තිලව්වේ ST.Thomas එක අමතක වෙන්නනම්..මගේ ඇස් පිය වෙන්න වෙයි...ඒක අපේ පාසල් මව්තුමියනේ අනේ
-
Ethakota bolata apiwa mathakada ah ...(Yapa)
http://oyeojaye.blogspot.com/2010/04/blog-post.html
-
අඩෝ මේ අකුරැස්සේ සිට පැමිණෙන..දඩාර්..ගල් යාපා ද? අනේ අම්මේ යකෝ කොහොම අදුරගන්නද ඔජායේ කිව්වම..වැද්ද කියලා දැනං හිටියට ඔහොම එකක් දන්නවයැ
-
This comment has been removed by the author.
Subscribe to:
Post Comments (Atom)
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්
බොහොම ලස්සන නිර්මාණයක්..