කසාවත පොරවාගෙන
නොසිටියද
රහතුන් අදත් ඇත
අප අතර නොඅඩුවම
සෘද්ධියෙන් සක්මනේ
පුරුදු ලෙස නොගියාට
සියුමැලිව පා තබා
නිසලවම ගමන් යන
දිවැසින් ලොව බලා
දුක් නිවනු බැරි වුවද
මිතුනෙතින් නිති බලා
අවැසි උවටැන් කරන
පස් පවින් මුදවන්න
බැරිවුවද ලෝසතුන්
රකිනවා දස සිලම
ඔවා ලෙස මුළු ලොවට
එකා පිට එකා පය
තබා යන ලෝකයක
රැගෙන මිනිසත්කමත්
ඉබිගමන් යයි තවත්
කසාවත දවටාන
බුදු දහම වලඳනා
සිඟන්නන් ඉදිරිපිට
බලා හිඳී ඒ දෙස
මෝහන්දකාරය පරදවමින්
මිසදෙටු මත රජයන කල
අවිචාර සමයක වුව
රහතුන් ඇත අප අතර
බණ කියා මහ දනට
රෑ පානෙ සිල් බිඳින
වැදිදනන් බණ කියනු
අසා සිටිනවා ඇත ඔවුන්
කටපුරා වචනයෙන්
හදපුරා භක්තියෙන්
වඩ වඩා අභිමනින්
නිදුකටම යනවා ඇති ඔවුන්
කසාවත පොරවාන
නොසිටියද
රහතුන් අදත් ඇත
අප අතර අප ලෙසම
brought to you by
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්
Great!