රතු රෝස මල් පෙත්ත සුළඟේ රැඳී
ඉඟිමරණ නෙත් කැල්ම දෙනෙත් වැදී
ජීවිතය වෙත පාව ආවේ යලී
ආදරය පුබුදන්න ඔබ වී යලී
හිත තාම නිදිවරණ රෑ සඳ මෙනී
ඔබ නේන වග දැනම ඉවසයි යලී
නෙත් අතර ඔබ රැඳුනු දින යලි දැනී
ඔබ එන්න ලංවෙන්න පෙර සේ යලී
රතු රෝස මල් පෙත්ත හදමත වැදී
ඉඟිමරණ නෙත් කැල්ම තනිවී හිඳී
ආදරය වෙත පාව අවේ යලී
ජීවිතය පුබුදන්න සහිනේ යලී
පණ ගැහෙන හදවතට සුසමක් වෙවී
දුක්විඳින ජීවයට සතුටක් වෙවී
නෙත් මානයේ ඉන්න පිපිලා යලී
ආදරය ඔබ නොවෙද රැකගත් යලී
රතු රෝස මල් පෙත්ත නෙත් මත හිඳී
ඉඟිමරණ නෙත් කැල්ම තවමත් රැඳී
ආදරය හදවතෙහි තබලා යලී
ජීවිතය පුබුදන්න හිනහෙන් යලී
brought to you by
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්
අපූරු නිර්මාණයක් යාලුවා!
මේ පද ටික ගීතයක් වෙලා ඇහෙන්වනම් බොහොම ලස්සනට විදින්න පුලුවන් කියලා හිතුනා. :)