twitter rss

හීන සහ හීන

:::ලිපි වර්ගය:::

කලින් කලට වෙනස්වන
හීන ඇත බොහෝ තැන්වල
නැංගුරම්ලා තදකර
ජීවිතය සමග එකම ගමනකට

හිත මත එක එක පැටවෙන
හීනවල බර තදට
දැනෙනවිට තනි හිතට
සැහැල්ලුව කොහෙද උපන් දා සිට

අපිත් එක්කම මරු තුරුලට යන
නූපන් හීනත් පොදි බැඳගෙන
නගිනා හපුතල් කන්ද
තවත් එක් හීනයක් පමණක්ම වෙද

brought to you by
  1. හැබෑ කර ගත හැකි වර්ගයේ හීන
    බොහෝ ඇත අප අවටම ඒත්
    හැබෑ කරගත නොහැකි හීනම
    අප මවන්නෙමු සැම විට
    සැබෑ වූවත් නොවූවත්
    හීන හරි මිහිරියි ඇත්තමයි
    හැබෑ නොවුනාට දුක නැති නම්
    තව තවත් මවා ගන්නවා නම් හොඳයි !

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්